![ඇන්ඩ්]රොපොව්ගේ කොවුලා - ආŞ](https://img.surprisecastle.com/img/ibdwcdn/i648/4136/9788835464136.jpg)
ඇන්ඩ්]රොපොව්ගේ කොවුලා - ආŞ - Paperback
by Owen Jones
$29.99
$31.99
-6%Quantity
01
Pay over time for orders over $35.00 with
Offers & Perks
Earn 29 points with this purchase
Added to your rewards balance after checkout.
100 points welcome bonus
Create an account and start with extra points.
මිය යන මිනිසෙකු තමාට මෙතෙක් හමු වූ වඩාත්ම විශ්මයජනක පුද්ගලයාගේ කතාව විස්තර කරයි, ඔහු යූරිකෝ යනුවෙන් හඳුන්වන දක්ෂ, සෝවියට් භාෂාවේදියෙකි. එය ජපානය, ජර්මනිය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතර ගොඩනැගූ ආදරය, එඩිතරබව, ඔත්තුකරුවන් හා අන්තරායන් වටා ගෙතුනාවූ කතාවකි. නමුත් විශේෂයෙන් සෝවියට් දේශයේ, එක්දහස් නවසීය හැත්තෑව දශකයට සම්බන්ධ වන්නාවූ කතාවකි. දෙවන ලෝක යුද්ධයෙන් ටික කලකට පසු කසකස්තානයේ සහ ජපානයේ එකිනෙකාට සැතපුම් දහස් ගණනක් දුරින් උපත ලැබූ, එකිනෙකාට බොහෝ සෙයින් සමාන ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ කතාවයි. කෙසේ වෙතත්, එක් අයෙකුට යුද්ධයෙන් පීඩා විඳි ඇයගේ රටට උදව් කිරීමට අවශ්]ය වන අතර අනෙකාට තමාගේ රට අතහැර බටහිරට යාමට අවශ්]යය. මේ කාරනා දෙකම ඉටුකර ගැනීම සඳහා ඔවුන් දෙදෙනා එඩිතර, භයානක සැලැස්මක් ක්]රියාත්මක කිරීමට සිහින දකියි. සෝවියට් කේ.ජී.බී. සංවිධානයේ ප්]රධානියා වන ඇන්ඩ්]රොපොව්ට මෙම අරමුණු දෙක ගැන දැනගන්නට ලැබී එය යූරිකෝ මෙහෙයුම ලෙස නම් කර ක්]රියාත්මක වීමට ඉඩහරියි. ඇන්ඩ්]රොපොව්ගේ කොවුලා රචනා වී ඇත්තේ එක් ප්]රධාන චරිතයක් විසින් කතුවරයාට පැවසූ 'සත්]ය කතාවක්' පදනම්වය.
Jones, Owen: - වේල්සයේ, බැරී හි උපත ලැබූ, ඇමේසන් වෙබ් අඩවිය තුල වැඩියෙන්ම අලෙවි වන කතුවරයා වන ඕවන් ජෝන්ස්, රටවල් කිහිපයක ජීවත් වූ අතර තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. ඔහු 70 දශකයේ සෝවියට් සංගමය තුල රුසියානු භාෂාව ඉගෙන ගනිමින් සිටියදී, ඔත්තුකරුවන් සමඟ නිරන්තරයෙන් සබඳතා ගොඩනගා ගති. විශ්ව විද්]යාලයෙන් නික්ම යාමෙන් පසු, සුරිනාම්හිදී, 1982 කුමන්ත්]රණයට හසු වී කුලී හේවායෙකු බවට චෝදනා ලැබීය. පසුව, සමාගම් අධ්]යක්ෂවරයෙකු ලෙස සිටියදී, ඔහු ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුම අතරතුර දේශීයව සෑදු කොන්ක්]රීට් යාත්]රාවක නැගී, බැරී සිට ජිබ්]රෝල්ටාර් දක්වා යාත්]රා කිරීමට හබල් ගැසීමේ සේවකයෙකු ලෙස සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට එක් විය. එම ගමනේදී, රුසියානු තෙල් නැවක සහ ඇමරිකානු ගුවන් යානා ප්]රවාහන නෞකාවක් වන අත්ලාන්තික් චැලෙන්ජර් හා ගැටීමට ඉතා ආසන්න විය. 2004 සිට ඔහු ප්]රධාන වශයෙන් එක්සත් රාජධානියේ, ස්පාඤ්ඤයේ සහ තායිලන්තයේ ජීවත් වේ. ඔහු දැන් ඔහුගේ බිරිඳගේ උතුරේ පිහිටි දුරස්ථ ගොවි ගම්මානයේ සිට ලිවීම, සංස්කරණය කිරීම සහ ඔහුගේ නවකතාවල පරිවර්තන සංඛ්]යාව වැඩි කිරීම සහ ආඛ්]යානය කරමින් තරමක් නිහඬ ජීවිතයක් ගත කරයි. ඔහු කියන පරිදි "සංගීතය පිරි දේශයේ ඉපදී, සිනහා පිරි දේශයේ ජීවත් වේ"
Publisher: Tektime
Contributor(s)
Author
Free shipping on orders over $75. Standard shipping takes 3-7 business days. Eligible items may be returned within 30 days of delivery. Conditions apply.
